Sabra Seekers: Nature

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Showing posts with label Nature. Show all posts
Showing posts with label Nature. Show all posts

Friday, July 14, 2017

පියාපත් නැතත් පියාඹන්න පුළුවන් සතුන් ගැන ඔබ අසා තිබෙනවාද?

July 14, 2017 0
සාමාන්‍යයෙන් පියාඹනවා කියන එක ගැන හිතනකොට අපිට මතක් වෙන්නෙ පියාපත්.මොකද අපි පුංචිකාලෙ ඉදන්ම ඉගෙන ගත්තෙ පියාපත් තමයි පියාඹන්න උදව් වෙන්නෙ කියලා.


ඒත් මේ ලිපිය කියවන් යද්දි ඔයාලට තෙරුම් යාවි පියාපත් නැතත් පියාඹන්න පුළුවන් පුදුම සහගත සත්තුත් ඉන්නවා කියලා.

මේ සතුන්ට පියාපත් නැතත්, පරිණාමය සහ අනුවර්තනය කියන කාරණා නිසා පියෑඹීමේ හැකියාව ලැබිලා තියෙනවා.ඇත්තටම පියාඹනවා කිව්වට ගුවනේ පාවෙනව කිව්වොත් තමයි හරි.මේ චලන හැකියාව මෙම සතුන්ට ආහාර සොය ගැනීමට වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් උදව් වෙනවා.

1. පියාඹන කටුස්සන් (Draco blanfordii)
මේ කටුසු වර්ගය “පියාඹන මකරන්”කියලත් හඳුන්වනවා.ඒත් ඇත්තටම නම්  මේ අය පාවෙන කටුසු විශේෂයක්. විද්‍යාත්මකව Draco blanfordii කියල කියන්නේ මේ කටුසු විශේෂයට තමයි.මේ කටුස්සන්ගෙ ශරීරයේ දෙපැත්තට තියෙන පළල් පටක කොටසක් (Patagium) තමයි මෙයාලට පියාඹන්න උදව් වෙන්නෙ.වියට්නාමය ,තායිලන්තය හරහා නිරිත දිග චීනයේ ඉදන් මැලේසියා අර්ධද්වීපය දක්වා තියෙන පහත් බිම් වැසි වනාන්තරවල තමයි මේ කටුසු විශේෂය හමුවන්නේ.

                                       hqdefault
 

2. පියාඹන ගෙම්බන් (Rhacophorus)
ගෙඹි විශේෂ අතුරෙන් ශාක මත වැඩි කාලයක් ගත කරන,ප්රමාණයෙන් විශාල හා පාද හතරෙහිම කලු පැහැ පටි රටා ඇති විශේෂයක්. මොවුනට පියාපත් නැතත්, පියෑඹීමේ හැකියාව තියෙනවා. ඉන්දියාව, ජපානය වගේම අග්නිදිග ආසියාතික රටවල්වල මේ ගෙඹි විශේෂය හමුවෙනවා.

                                       الضفادع-الطائرة
 

3. පියාඹන මත්ස්‍යයින්
උණුසුම් සාගර ජලයෙන් පිටතට පනින මෙම මත්ස්‍යයින් තම අනාකූලිත ටෝපිඩෝ හැඩය හා විශාල ළය වරල් උපයෝගී කර ගනිමින් පියඹා යනවා. මේ වගේ පියාඹන  මත්ස්‍ය විශේෂ 40ක් විතර ඉන්නවා. මේ පියෑඹීමේ ක්‍රියාවලිය පටන් ගන්නේ වතුර යටදී පිහිනීම මගින් ලබා ගන්න පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. ගොඩක් මුහුදු සත්ව විශේෂ වගේම මේ පියාඹන මත්ස්‍යයොත්  ආලෝකය දිහාවට ආකර්ෂණය වෙනවා. මේ නිසා මසුන් මරන්නන්ගේ දැලට පහසුවෙන් අසුවෙනවා.

                                     flyinganimals-8



4. පියාඹන සර්පයින් (Crysopelea)
මේ සතුන් තමන්ගේ දේහයේ පළල සාමාන්‍ය පළල මෙන් දෙගුන කර ගැනීමෙන් තමයි පියෑඹීමේ හැකියාව ලබා ගන්නේ. අනෙකුත් පියාඹන සත්වයන්ට සාපේක්ෂව මෙම සර්පයන් ගොඩක් දුරකට පියාඹනවා. ඒ වගේම තමයි මේ විශේෂයේ ප්‍රමාණයෙන් කුඩා සර්පයන් ප්‍රමාණයෙන් විශාල සර්පයන්ට වඩා වේගයෙන් පියාඹන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා.
 
                                           images
                                     


5. පියාඹන ලේනුන් (Sciuridae)
මෙම ලේනුන් විශේෂය සාමාන්‍ය ලේනුන්ට වඩා ප්‍රමානයෙන් විශාලයි. මොවුන්ගේ ඉදිරිපස සහ පිටුපස පාද අතර ඇදී පවතින ලෝම සහිත පටලය පියාඹා යෑමට උපකාරී වෙනවා. ලොව වටා තියෙන වනාන්තරවලින් මෙම ලේන් විශේෂ 50ක් විතර සොයගෙන තියෙනවා. දැනට මේ ලේනුන් පියාඹල තියන වැඩිම දුර විදියට වාර්තා  වෙන්නෙ මීටර් 90ක් කියලයි…

                                   flyingsquirrel_gliding



එකත් බලන්න....



Read More

Saturday, July 8, 2017

සොබාදහමේ විශ්මිත නිර්මාණ……

July 08, 2017 2
අපිට විශ්වාස කරන්නත් බැරි තරම් හරි අපූර්ව නිර්මාණයන්ගෙන් සොබාදහම සමන්විත වෙනවා. භූගෝලීය පිහිටීම, දේශගුනික සාධක වගේම ඍතුමය වෙනස්වීම් මේ අපූර්ව නිර්මාණයන්ට විවිධත්වයක් එක් කරල තියෙනවා.



1. රතු වෙරළතීරය.
මේ රතු වෙරළතීරය තියෙන්නෙ චීනයේ පැන්ජින් කියන නගරයේ ඉදන් කිලෝමීටර් 30ක් නිරිතදිගින්. මේ වෙරළතීරයට රතු වෙරළතීරය කියන්නෙ ඒකෙ පෙනුම නිසයි. ලවන සහිත ක්ෂාරීය පසේ වැඩෙන මුහුදු වල්පැලෑටි විශේෂයක් තමයි මේ පාටට හේතු වෙන්නේ. මාර්තු-අප්‍රේල් මාසවල වැවෙන්න පටන් ගන්න මේ වල්පැලෑටි විශේෂය ග්‍රීෂ්මය පුරාවට කොළ පාටින් දිස්වෙනවා. ඒත් සරත් කාලය පටන් ගැනීමත් සමගම දිදුලන රත් පැහැයට හැරෙනවා.

红海滩风景区Red-Seabeach-Panjin-China-4.jpg
2.ආදර උමග
මේ අරුම පුදුම උමග පිහිටලා තියෙන්නෙ යුක්‍රේනයේ. ෆ්යිබර් බෝර්ඩ් කර්මාන්තශාලාවකට දිවෙන කිලෝමීටර් 3ක් දිගු මේ උමග හරහා දවසකට 3න් වතාවක් දැව රැගත් දුම්රියක් ගමන් කරනවා. කොල පැහැති කොරිඩෝවක් විදිහට දිස්වෙන මේ උමග ආදරවන්තයන් බොහෝමයකගෙ සිත්ගත් තැනක්. ඒ වගේම තමයි මේ උමග තුලදී ආදරවන්තයන් යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒක සත්‍ය වෙනවලූ.
tunel-de-amor-en-ucrania.pngTrain-coming-through-Tunnel-of-Love-in-Klevan-Ukraine.jpg
3.විස්ටීරියා මල් උමග
නිල්,දම් පැහැ මල් පිපෙන වැල් විශේෂයකින් නිර්මානය වෙලා තියෙන මේ ලස්සන උමග පිහිටලා තියෙන්නෙ ජපානයේ කිටක්යුෂු කියන නගරයේ. අප්‍රේල් ඉදන් මැයි මාසේ මැද වෙනකම් කාලයේ තමයි මේ උමග විස්ටීරියා මලින් පිරිල ගොඩක්ම ලස්සනට තියෙන්නේ.
a8575ab0c733159cf6157fda4df5e36963c2ecd9wisteria-tunnel-kawachi-gardens-japan.jpg
4.රෝස පැහැති විල
විලක් මොන පාටද ඇහුවොත් ඔයාලා මුලින්ම කියන්නෙ නිල් පාට කියලා. ඒත් රෝස පාට විල් තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි. මේ විල පිහිටල තියෙන්නෙ බටහිර ඕස්ට්‍රේලියාවේ. සාමාන්‍ය කරදියේ ලවනතාවය වගේ 10 ගුණයක ලවනතාවයක් තියෙන මේ විල Dunaliella salina කියන අන්වීක්ෂීය ලවනකාමී ඇල්ගී විශේෂයට හොද වාසස්ථානයක් සපයනවා. මේ ඇල්ගී විසින් නිපදවන වර්නක විශේෂයක් නිසා තමයි මේ විලට රෝස පාටක් ලැබිලා තියෙනවා කියල කියන්නේ.
images (11)Pink-Lake-2.jpg
5.දිලිසෙන වෙරළතීරය
මාලදිවයිනනේ වාදෝ වෙරළතීරය හරියට තරු කැඩපතක් වගේ තමයි පෙනෙන්නේ. ඒකට හේතුවෙලා තියෙන්නෙ කරදිය ශාකප්ලවාන්ග විශේෂයක්. මේ ශාකප්ලවාන්ගවලට ජෛව සන්දීප්තිය(Bioluminescence)කියන හැකියාව තියෙනවා. ඒ කියන්නෙ පොඩිහරි කැලඹීමක් උන ගමන් එයාල ශරීරයෙන් එළි නිකුත් කරනවා. මේ අය මේ විදියට නිකුත් කරන එළි නිසා වෙරල තීරයට තරු වැටිලා වගේ තමයි පේන්නේ.
shimmering-shores-of-vaadhoo1452155588_2942222_orig.jpg
Read More

Share on Google+

Post Top Ad