Post Top Ad
Friday, July 28, 2017
Thursday, July 27, 2017
Monday, July 24, 2017
Sunday, July 23, 2017
Hybrid programming
Hybrid programming
මොකක්ද මේ hybrid programming කියන්නෙ ?programming languages වල එකතුවක් කියල සරලව කියන්න පුලුවන්.ඒ කියන්නෙ parallel programming model combining වෙලා තමා හැදෙන්නෙ.
OpenMP කියන්නෙ මොකක්ද කියලා අපි ඉලගට බලමු. multithreaded shared memory parallelization සදහා පාවිච්චි කල හැකි API එකක්.උදා :
• Fortran 77/9X and C/C++ are supported.
එක් වරකදී වැඩසටහනේ එක් කොටස සමාන්තරකරණයට ඉඩ සලසයිopenMP වලදි
OpenMP API එක අවයවයන් 3 කින් සැදි තියේ.
1)Compiler directives(සංයුක්තකාරක නියෝග)
• Expresses shared memory parallelization(හවුල් මතක සමාන්තරකරණය ප්‍රකාශ කරයි)
• Preceded by sentinel, can compile serial version(පෙරවදන විසින් පූර්වාපේක්ෂීව අනුවර්තිත අනුවාදයක් සම්පාදනය කළ හැකිය)
2)Runtime library routines (Runtime පුස්තකාල නිත්‍ය පිළිවෙත)
• Small number of library functions.
Example: get number of threads, get rank of thread..
• Can be discarded in serial version via conditional compiling (සම්පිණ්ඩන සම්පාදනය හරහා අනුක්රමික අනුවාදයෙන් බැහැර කළ හැක)
3)Environment variables (පාරිසරික විචල්යයන්)
• Bind threads to cores .
• Specify number of threads.
A simple OpenMP program:F95
PROGRAM demo1
USE omp_lib
INTEGER::omp_rank
!$omp parallel private(omp_rank)
omp_rank=omp_get_thread_num()
WRITE(*,*) "thread is ",omp_rank
!$omp end parallel
END PROGRAM demo1
>export OMP_NUM_THREADS=2
>ftn -mp demo1.f95
>aprun -n 1 ./a.out
thread is 0
thread is 1
A simple OpenMP program: C
#include <stdio.h>
#include "omp.h“
int main(int argc,char *argv[])
{
int omp_rank;
#pragma omp parallel private(omp_rank)
{
omp_rank=omp_get_thread_num();
printf("thread is %d\n",omp_rank); } }
>export OMP_NUM_THREADS=2
>cc -mp demo1.c
>aprun -n 1 ./a.out
thread is 0
thread is 1
අපි ඉදිරියෙදි තවත් ලිපියකින් OpenMP ගැන කතා කරමු.ඉලග ලිපියෙන් ඉදිරියෙදි හමුවෙමු.
(OpenMP in detail) සමග....
Google Daydream View එක්ක VR අත්දැකීමක් ගමුද..?
අද මං ඔයාලට විස්තර කරන්න යන්නේ ටිකක් අමුතු විදියේ gadget එකක්. Google Daydream View.
දැනට virtual reality අත්දැකීම ගන්න පුළුවන් Google සමාගම release කරලා තියෙන හොඳම VR Headset එක තමයි Google Daydream View කියන්නෙ.
ඉතින් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ VR එහෙම නැත්නම් virtual reality කියන්නෙ කියලා. VR කියන්නෙ ගොඩක් ලස්සන concept එකක්, ඒ වගේම technology එකක්.
මේ වෙනකොට අපි ගොඩක් පාවිච්චි කරන්නෙ mobile platform එක. මේක මිනිස්සුත් එක්ක හොඳට interact වෙන්න පුළුවන් smart device එකක්. ඒ නිසාම මේ mobile platform එක අපිට බොහොම සමීප වුනා. ලෝකෙ ඉස්සරහට යනකොට මේ ඊළඟ platform එක තමයි virtual reality කියන්නෙ. ඉතින් ඉස්සරහට අපිට වැඩ කරන්න වෙන්නෙ මේ අලුත් virtual reality එකත් එක්ක තමයි.
ඉතින් සරලවම මේ virtual reality concept එක මම මෙහෙම පැහැදිලි කරන්නම්,
ඔයාලා හිතන්නකො, මම මේ ඉන්න තැනම ඉඳිද්දි මට feel වෙන්න ඕන මම දැන් ඉන්නෙ ලස්සන මල් වත්තක කියලා. එතකොට මම කරන්නෙ මං ඉන්න තැන වටේට display 4ක් හයිකරනවා. ඊට පස්සෙ අර මල් වත්තෙ මට පේන view එක අර display හතරේ දානවා. එතකොට මම ඇස් පියාගෙන ඉඳලා එක පාර ඇස් ඇරියම මට feel වෙනවා, මම දැන් ඉන්නෙ අර ලස්සන මල් වත්තෙ කියලා. මොකද, මම වටපිට බලනකොට මට පේන්නෙ අර මල් වත්තෙ view එක නිසා. මේකෙ හැමතැනම තියෙන්නෙ computer එකෙන් generate කරපු වෙනම virtual environment එකක් තමයි. මේක බලනකොට අපේ මොලේ තියන experiance අනුව මොලේ හිතන්නෙ මම දැන් ඉන්නෙ මෙන්න මේ තැන කියල. ඉතින් මේක තමයි මේ virtual reality concept එක ඇතුලෙ තියෙන්නෙ.
ඉතින් මෙන්න මේ experiance එක තමයි VR Headset එක පාවිච්චි කරලා mobile phone එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. VR Headset එකට mobile phone එක දාල පැළඳ ගත්තට පස්සෙ, mobile phone එකේ තියන sensors වලින් අපේ ඔලුවෙ movement ඔක්කොම track කරලා බලනවා අපි බලන්නෙ මොන පැත්තද , කොච්චර කෝණයකින්, කොච්චර ඉහලටද වගේ දේවල්. එහෙම track කරලා අපිට අවශ්‍ය වෙලාවට අදාල frame එක විතරක් අපේ ඇහට පෙන්නනවා. ඒ කියන්නෙ, අපි ඉස්සරහ බලන් ඉඳලා දකුණු පැත්ත බැලුවොත් එතනට තියෙන්න ඕන පින්තූරය මේ display එකේ replace වෙනවා. ඉතින් මේ විදියට තමයි මේ virtual reality වලින් අපේ මොලේට අපි දැන් ඉන්නෙ මෙන්න මේ තැන කියල අඟවන්නේ. ඉතින් ඇත්තටම මේ කරන්නෙ මොලේ රැවටීමක්. මේ VR Headset එකත් එක්ක මෙන්න මේ රැවටීම කොච්චර සාර්ථකයිද කියනවනම් මිනිස්සු ඇත්තටම බය වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා.
virtual reality වල වැඩ කරනකොට frame 2ක් ඔයාලට බලාගන්න පුලුවන්. ඉතින් මෙන්න මේ හින්දා තමයි ඔයාලට virtual reality එකේදි ත්‍රිමාණව දේවල් දකින්න පුළුවන් වෙලා තියෙන්නෙ.
ඒ වගේම මේ VR Headset එකේ විශේෂ lense 2ක් තියෙනවා.ඔයාගෙ phone එකේ තියන පුංචි display එකෙන් ඇත්ත ලෝකෙ වගේ ගොඩක් ලොකු වටපිටාවක් බලන්න තමයි මෙන්න මේ lense 2 තියෙන්නෙ.
ඉතින් අලුත් ලෝකය දකින්න, Games play කරන්න, Adventure Stories බලන්න මේ virtual reality අත්දැකීම හොඳටම ගන්න පුළුවන් VR Headset එක තමයි Google Daydream View.
Google Daydream View නිර්මාණය කරලා තියෙන්නෙ බොහොම සැහැල්ලු, හුස්ම ගන්න පහසු fabric එකකින්. ඒ වගේම සිත් ඇදගන්නා සුළු controller එකකුත් Google Daydream View සතුයි. මේ නිසා ඔයාලට ගොඩක් පහසුවෙන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්.
මේ VR Headset එක සිත් ඇදගන්නා සුළු වර්ණ 3කින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ තමයි Snow, Crimson, සහ Slate.
ඉතින් Google Daydream View මගින් සුපිරිම vr අත්දැකීමක් ලබා ගන්න කියලා ඔයාලා හැමදෙනාටම ආරාධනා කරනවා.
තවත් ලිපියකින් මේ වගේ අලුත් technology එකක් ගැන විස්තර අරන් එන්නම්කෝ.......

Friday, July 21, 2017
Ruby Programming - 3
Cupcoin Developer
July 21, 2017
2
Ruby BEGIN & END Statement
BEGIN Statement
Ruby programming වලදී main program එක Run කිරිමට පෙර BEGIN Syntax එක යොදාගෙන අපිට අවශ්‍ය code එකක් Declare කරගන්න පුලුවන්.
1) ඔයාලගේ Text Editor එකේ පහත තියන code එක type කරන්න.
2) ඔයාලගේ programming එක "example.rb" කියලා save කරගන්න. ( ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.)
3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.
All Apps -> Ruby -> Start Command Prompt with Ruby
4) ඔයාලගේ programming එක Desktop එකේ save කලා කියලා හිතමු.
"This is main Ruby Program" එක Run කිරිමට පෙර "Initializing Ruby Program" එක Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.
END Statement
Ruby programming වලදී main program එක Run කිරීමෙන් පස්සේ END Syntax යොදාගෙන අපිට අවශ්‍ය code එකක් Declare කරගන්න පුලුවන්.
1) ඔයාලගේ Language Text Editor එකේ පහත තියන code එක type කරන්න.
2) ඔයාලගේ programming එක "example1.rb" කියලා Desktop එකේ save කරගන්න.
3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.
"This is main Ruby Program" එක Run කිරිමට පස්සේ "End Ruby Program" එක Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.
මොකද්ද මේ Google Firebase
Database කිව්වහම ඉතින් අපි හැමෝම දන්නවනේ කොච්චර වැදගත් ද කියලා. මොකද අපි හදන ගොඩක් applications වල data store කරල තියාගන්න අපි Databases පාවිච්චි කරනවා.
ඉතින් එහෙනම් බලමු මේ Firebase කියන්නේ මොකද්ද කියල. Firebase කියන්නේ Google සමාගම විසින් පවත්වාගෙන යන Online Realtime Databases ලබාදෙන platform එකක්. අද මම මේ විදිහට Firebase වල Databases ගැන කතා කරා උනාට, Firebase කියන්නේ Databases පමණක් ලබාදෙන තැනක් නම් නෙවෙයි. Firebase වල ලබාදෙන සේවාවන් විශාල ප්‍රමාණයක් අතුරින් එකක් පමණයි මේ Online Realtime Databases කියන්නේ.
මොකද්ද මේ Online Realtime Database එකක් කියන්නේ ?
සරලවම කිව්වොතින් cloude එකේ තියන Realtime database එකක්. මේකේ තියන විශේෂත්වය තමයි Realtime Update වෙන එක. උදාහරණයක් විදිහට හිතන්න ඔන්න මං හදල තියනව app එකක් (Android App). ඉතින් මේ app එකේ තියනවා list item ටිකක් සැරින් සැරේට වෙනස් වෙන. ඉතින් මම මේ ලිස්ට් එකට අදාළ data ටික ගන්නේ firebase database එකකින්. ඉතින් එහෙමනම් මේ app එක දාගෙන ඉන්න ඕනම කෙනෙක්ට database එකේ සිදුවන වෙනස් කමක් refresh කිරීමකින් තොරව බලාගන්න පුළුවන්. හරියට නිකන් අපි messenger වලින් chat කරනව වගේ (අපි කවදාවත් අලුතින් එන message එකක් බලන්න app එක refresh කරන්නේ නෑනේ).
හොඳයි එහෙනම් දැන් බලමු මේ Firebase වලින් Database එකක් හදාගන්නෙ කොහොමද සහ ඒක යොදාගෙන වැඩ කරන්නේ කියන එක.
මේ සියලුම පහසුකම් නොමිලේම ලබාගන්න තියෙන්න ඕනේ Google account එකක් විතරයි.
https://firebase.google.com මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඉතාමත් පහසුවෙන් google account එක හරහා Firebase Account එකක් හදාගන්න පුළුවන්.
ඊට පස්සේ ඉහල දකුණු පැත්තට වෙන්න තියන GO TO CONSOLE කියන එකට ගිහින් ඉතුරු වැඩ ටික කර ගන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේ විදිහට තියන Add Project කියන එකට ගිහින් පහසුවෙන්ම අලුතින් Project එකක් හදාගන්න පුළුවන්
ඊට පස්සේ දකින්න ලැබෙන මෙන්න මේ window එකෙන් project එකට නමක් සහ Country එක ලබා දිල පහසුවෙන් Project එක Create කරගන්න පුළුවන්
මින් අනතුරුව අපිට පුළුවන් අපි මේ project එක හදන්නේ මොන විදිහේ App එකක් එක්ක Connect වෙන්නද කියන එක ලබාදෙන්න.
මෙතැනදී Android වලට අදාලව සම්පුර්ණයෙන්ම App එක Connect කර ගන්න විදිහ ඉදිරි කොටසකින් කතා කරන්නම්.
දැනට Database එක හදාගන්න විදිහ ගැන අවදානය යොමු කරමු.
දැන් මෙතන වම්පස DEVELOP කියන sub menu එක යටතේ මේ හදාගන්න project එකෙන් කරන්න පුළුවන් දේවල් දැක්වෙනවා. ඉතින් අපි එහෙමනම් මෙතනින් Database කියන කොටස ගැන අවධානය යොමු කරමු.
දැන් මෙතැනදී දකින්න ලැබෙන්නේ Database එකේ ආකෘතියයි.
ඉතින් මෙතැනදී පහසුවෙන් අපිට අවශ්‍ය ආකාරයට අපේ Database එක හදා ගන්න පුළුවන්. හැබැයි මේක අපිට හුරු පුරුදු mySQL වල වගේ Table වලින් සමන්විත Database එකක් නම් නෙවෙයි. මේ Database එකේ Data තියෙන්නේ Hierarchical Model එකක් විදිහට.
මෙන්න මේ උදාහරණය බලන්න.
මම මෙතැනදී ඉදිරිපත් කරලා තියෙන්නේ Students Details ටිකක් ඇතුලත් කරලා හදාගත්තු සරල Database එකක්.
ඉතින් මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ Firebase Database එකක් හැදිලා තියෙන්නේ කියන එක ගැන.
ඉදිරියේදී අපි කතා කරමු Android App එකකට අදාලව කොහොමද මේ Firabase Database එකක් use කරන්නේ කියන එක ගැන ...

Wednesday, July 19, 2017
Google සමාගම මගින් හදුන්වාදුන් ජංගම දුරකථනය..
GOOGLE PIXEL
පළමු වරට පාරිභෝගික ජනතාවට සමීප වන ආකාරයෙන් GOOGLE සමාගම මගින් ඔවුන්ගේ
දෘඩාංග හා මෘදුකාංග යොදමින් සැදු මුල්ම දුරකථනය PIXEL.
එදිනෙදා ජීවිතයේදී GOOGLE හි සේවාවන් භාවිතාකරන පුද්ගලයන්ට නම් PIXEL
යන නම එතරම් අරුමයක් නොවේ. මක්නිසාද අතීතයේ දී PIXEL යන නම භාවිත
කරමින් Google හි පාරිභෝගිකයන්ට දෘඩාංග නිෂ්පාදනය කරපු නිසාවෙනි.
2010 වසරේ ඉදන් එන NEXUS වැඩසටහන ගැන ඔබ දනටමටමත් දන්නවා ඇති.2010 ඉදන් මේ වෙනකම් වෙනත් ජංගම දුරකථන සමාගම් සමග එකතුවි කරපු ANDROID දුරකථන මාලාව ගැන ද ඔබ දන්නවා ඇති.ඒ අතරතුර තමන්ගේවන ANDROID OPERATING SYSTEM එක සදහා දුරකතනයක් සැදීමේ කාර්යය Google සමාගම විසින් අරම්භ කලා.
දැනට GOOGLE සමාගම මගින් PIXEL ජංගම දුරකථන 2ක් මුදාහැරලා
තියෙනවා, ඒවා තමා
·
PIXEL
·
PIXEL XL
මේ PIXEL හා PIXEL XL අතර මුලිකවම තියෙන්නේ
ප්‍රමාණයේ වෙනස පමණි. ඒ වගේම ඒ ප්‍රමාණයට හරියන්න PIXEL XL වෙනස් වූන අනිත් අංග කිහිපයක්ද තිබේ. ඒ අංග
ගැන ඉදිරියේදී දැනගමු.
PIXEL ජංගම
දුරකතනයේ තිබෙන නමුත් අනිත් ANDROID ජංගම දුරකතන
වලට නැති විශේෂ අංග මොනාද? ඒ අංග වලින් කරන්න පුළුවන් මොනාද කියල ඊලග ලිපි වලින් දැන
ගනිමු. අපි ඉදිරි ලිපි වලින්
·
Pixel and
Google
·
Pixel and Assistant
·
Pixel Camera
·
Pixel Operating System
ගැන හොද විස්තරයක් දෙන්න බලපොරොත්තු වෙනවා.
ඒ නිසා අනිවාරයෙන්
අපිත් එක්ක එකතු වෙන්න.
Friday, July 14, 2017
ඇඩිශම් වල රවුමක් යමු...
හොදයි යාලුවනේ පාර දිගෙ යන්න ආව ඔයාලව අපි මුලින්ම එකතු කරන් යන්නේ ඇඩිශම් බන්ගලාවට (Adisham Bunglow) ඔව් නම නම් ටිකක් අමුතුයි වගෙ නේද...
මුලින්ම බලමු මේ අමුතු තැන පිහිටලා තියෙන්නේ කොහෙද කියලා...ඔයාලා මේ බන්ගලාවට එන්න නම් මීදුමෙන් වැසුනු සීතල හපුතලේ නගරයට එන්න වෙනවා.ඉට පස්සෙ වැලිමඩ පාරේ කීලොමීටර දහයක් විතර
එනකොට ඇඩිශම් හන්දියෙන් හරවල උඩට එන්න පුලුවන් .. ඉතින් යාලුවනේ මේ බන්ගලාවට යන පාරත් වැටිලා තියෙන්නෙ තේ වතු ,දිය ඇලි මැදින් ..
ඉතින් ඔයාලට ගමන් මහන්සියක් කියලා දෙයක් නම් දැනෙන්නෙ නෑ යලුවනේ.. සීතල ගන මීදුමත්,තේ වතු වලින් පිරුනු කුඩා කදු පන්තිත් මේ පරිසරයට එක් කරන ලස්සන වචන වලින් නම් කියන්න අපහසුයි.
ඔයාලට වහනයකින් ආවොත් නම් හපුතලේ නගරයේ ඉදලා මිනිත්තු 45න් පමන මේ බන්ගලාවේ පිවිසුම අසලටම එන්න පුලුවන් .මේ ගමනේ කොටසක් වැටි තියෙන්නෙ "තන්ගමලය" කියන
අභය හූමීය හරහා නිසා ඔයාලා හොද විමසිල්ලෙන් සිටියොත් ලස්සන කුරුල්ලො ටිකක් එහෙමත් බලා ගන්න පුලුවන් වේවි....
ඉතින් යාලුවනේ ඔයාලා මේ බන්ගලාව බලන්න කලින් පොඩි මුදලකට ටිකත් පතක් නම්
ගන්න වෙනවා .ටිකත් පතත් අරගෙන පිවිසුමෙන් ඇතුල් වෙන ඔයාලට එ අභිමානයෙන් වැජ්බෙන මේ ඇඩිශම් බන්ගලාව ඔයාලට දැක ගන්න පුලුවන්.පාට පාට මල් වලින් හැඩ උන මීදුමෙන් වෙලුනු මේ බන්ගලාව දැක්කම ඔයාලට හිතෙවී මේ ඇත්තටම ලන්කාවමද කියලා..එක් පසකින් ෆයිනස් කදු ගැටයකිනුත් අනික් පසින් මුලු හපුතලේ නගරයම පෙනෙන සහ පහලින් යන්තමට පෙනෙන බදුල්ල කොලම දුම්රිය පාරත් නිසා මේ බන්ගලාවේ විවිදත්වය තවත් වැඩි කරනවා.
මේ බන්ගලාවට අමතරව මෙහි තිබෙන ගොවි පලෙන් නිපදපන විවිද අහාර වර්ගත් ඔයාලට මෙහිදී ලබා ගන්න හැකියාවක් තිබෙනවා...ඉතින්යලුවනේ මේ බන්ගලාවේ වහලේ නිම කරලා තියේන්නේ සම්පුර්නම තේක්ක ලීයෙන් කියලා කිවෝත් ඔයාලා පුදුම වෙවී.එ වගේම කලු ගලින් නිම කරන ලද බිත්ති,සහ මෙහි ඇති වා කවුලු අදටත් ගෘහ නිර්මාන ශිල්පීයෝ පුදුම කරවනවා.
එහෙනම් යාලුවනේ අපි පොඩ්ඩක් මේ බන්ගලාවේ ඉතිහාසයත් කතා කරමුද.
මේ නිර්මානය කරන්න මුලික වෙලා තියෙන්නේ යටත් විජිත සමයේ කන්ද උඩරට වැවිලි කරුවෙකු වු ,ලන්කාවට මේ පරිසරයටත් බොහෝ සෙයින් ආදරේ කල Sir Thomas Villiers කියන සුදු ජාතිකයා.මෙතුමාගෙ සිතුවමක් ඔයාලට මේ බන්ගලාව ඇතුලදී දැක ගන්න පුලුවන්.ඔහු මේ නිර්මානයේ වැඩ ආරම්බ කරන්නේ 1927 වර්ශයේ එ වගේම ඔහු මේ බන්ගලාවේ වැඩ කටයුතු සම්පුර්නම අවසන් කරනව 1931 වර්ශයෙදි..
මේය වර්ග මීටර 40 000 පමන වපසරියකින්ද යුක්ත වනවා.ඔයාලට ඔනීම දිනක මේ බන්ගලාව දැක ගන්න පුලුවන් උනත්,බන්ගලාව ඇතුලට යන්න අවස්තාව හිමි වන්නේ සති අන්තයේදී විතරයි.
මේය වර්ග මීටර 40 000 පමන වපසරියකින්ද යුක්ත වනවා.ඔයාලට ඔනීම දිනක මේ බන්ගලාව දැක ගන්න පුලුවන් උනත්,බන්ගලාව ඇතුලට යන්න අවස්තාව හිමි වන්නේ සති අන්තයේදී විතරයි.
ඉතින් යාලුවනේ ඇඩිශම් කියන්නෙ අපේ මේ කලබල ජිවිත වලින් මිදිලා විවේකිව,සීතල සුලන් රොදක දැවටෙන්න කියාපු ස්ථානයක්.ඉතින් යාලුවනේ මේ සුන්දරත්වය විදින්න ,එ වගේම මතක ඇතිව
පා සටහන් පමනක් මේ පරිසරයේ තියලා යමුයි කියමින් මේ වගෙම තවත් පාර දිගෙ ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ගිහින් එන්නම්.මතක ඇතිව ඔයාලාගේ අදහස් comment කර ගෙන යන්නත්
අමතක කරන්න එපා.
පියාපත් නැතත් පියාඹන්න පුළුවන් සතුන් ගැන ඔබ අසා තිබෙනවාද?
සාමාන්‍යයෙන් පියාඹනවා කියන එක ගැන හිතනකොට අපිට මතක් වෙන්නෙ පියාපත්.මොකද අපි පුංචිකාලෙ ඉදන්ම ඉගෙන ගත්තෙ පියාපත් තමයි පියාඹන්න උදව් වෙන්නෙ කියලා.
ඒත් මේ ලිපිය කියවන් යද්දි ඔයාලට තෙරුම් යාවි පියාපත් නැතත් පියාඹන්න පුළුවන් පුදුම සහගත සත්තුත් ඉන්නවා කියලා.
මේ සතුන්ට පියාපත් නැතත්, පරිණාමය සහ අනුවර්තනය කියන කාරණා නිසා පියෑඹීමේ හැකියාව ලැබිලා තියෙනවා.ඇත්තටම පියාඹනවා කිව්වට ගුවනේ පාවෙනව කිව්වොත් තමයි හරි.මේ චලන හැකියාව මෙම සතුන්ට ආහාර සොය ගැනීමට වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් උදව් වෙනවා.
1. පියාඹන කටුස්සන් (Draco blanfordii)
මේ කටුසු වර්ගය “පියාඹන මකරන්”කියලත් හඳුන්වනවා.ඒත් ඇත්තටම නම් මේ අය පාවෙන කටුසු විශේෂයක්. විද්‍යාත්මකව Draco blanfordii කියල කියන්නේ මේ කටුසු විශේෂයට තමයි.මේ කටුස්සන්ගෙ ශරීරයේ දෙපැත්තට තියෙන පළල් පටක කොටසක් (Patagium) තමයි මෙයාලට පියාඹන්න උදව් වෙන්නෙ.වියට්නාමය ,තායිලන්තය හරහා නිරිත දිග චීනයේ ඉදන් මැලේසියා අර්ධද්වීපය දක්වා තියෙන පහත් බිම් වැසි වනාන්තරවල තමයි මේ කටුසු විශේෂය හමුවන්නේ.
2. පියාඹන ගෙම්බන් (Rhacophorus)
ගෙඹි විශේෂ අතුරෙන් ශාක මත වැඩි කාලයක් ගත කරන,ප්රමාණයෙන් විශාල හා පාද හතරෙහිම කලු පැහැ පටි රටා ඇති විශේෂයක්. මොවුනට පියාපත් නැතත්, පියෑඹීමේ හැකියාව තියෙනවා. ඉන්දියාව, ජපානය වගේම අග්නිදිග ආසියාතික රටවල්වල මේ ගෙඹි විශේෂය හමුවෙනවා.
3. පියාඹන මත්ස්‍යයින්
උණුසුම් සාගර ජලයෙන් පිටතට පනින මෙම මත්ස්‍යයින් තම අනාකූලිත ටෝපිඩෝ හැඩය හා විශාල ළය වරල් උපයෝගී කර ගනිමින් පියඹා යනවා. මේ වගේ පියාඹන මත්ස්‍ය විශේෂ 40ක් විතර ඉන්නවා. මේ පියෑඹීමේ ක්‍රියාවලිය පටන් ගන්නේ වතුර යටදී පිහිනීම මගින් ලබා ගන්න පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. ගොඩක් මුහුදු සත්ව විශේෂ වගේම මේ පියාඹන මත්ස්‍යයොත් ආලෝකය දිහාවට ආකර්ෂණය වෙනවා. මේ නිසා මසුන් මරන්නන්ගේ දැලට පහසුවෙන් අසුවෙනවා.
4. පියාඹන සර්පයින් (Crysopelea)
මේ සතුන් තමන්ගේ දේහයේ පළල සාමාන්‍ය පළල මෙන් දෙගුන කර ගැනීමෙන් තමයි පියෑඹීමේ හැකියාව ලබා ගන්නේ. අනෙකුත් පියාඹන සත්වයන්ට සාපේක්ෂව මෙම සර්පයන් ගොඩක් දුරකට පියාඹනවා. ඒ වගේම තමයි මේ විශේෂයේ ප්‍රමාණයෙන් කුඩා සර්පයන් ප්‍රමාණයෙන් විශාල සර්පයන්ට වඩා වේගයෙන් පියාඹන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා.
5. පියාඹන ලේනුන් (Sciuridae)
මෙම ලේනුන් විශේෂය සාමාන්‍ය ලේනුන්ට වඩා ප්‍රමානයෙන් විශාලයි. මොවුන්ගේ ඉදිරිපස සහ පිටුපස පාද අතර ඇදී පවතින ලෝම සහිත පටලය පියාඹා යෑමට උපකාරී වෙනවා. ලොව වටා තියෙන වනාන්තරවලින් මෙම ලේන් විශේෂ 50ක් විතර සොයගෙන තියෙනවා. දැනට මේ ලේනුන් පියාඹල තියන වැඩිම දුර විදියට වාර්තා වෙන්නෙ මීටර් 90ක් කියලයි…
එකත් බලන්න....
Ruby Programming - 2
Cupcoin Developer
July 14, 2017
1
අද අපි කතා කරමු, Windows වල කොහොමද RUBY Programming කරන්නෙ කියලා.
මුලින්ම ruby ඔයාලගේ computer එකට download කරගෙන install කරගන්න ඕනේ.
ඔයාලට Ruby වල නවතම version එක (Ruby 2.4.1) පහත link වලින් download කර ගන්න පුළුවන්.
windows සඳහා :- https://rubyinstaller.org/
Linux/ubuntu සඳහා :- http://linux.softpedia.com/get/Programming/Interpreters/Ruby-1181.shtml
windows සඳහා :- https://rubyinstaller.org/
Linux/ubuntu සඳහා :- http://linux.softpedia.com/get/Programming/Interpreters/Ruby-1181.shtml
Sublime
text, notepad, notepad++ වගේ Text Editor එකක් Useකරලා ඔයාලට ruby එක්ක වැඩ කරන්න පුලුවන්.
1) Text Editor
එකේ puts ("hello world!") කියලා
type කරගන්න.
2) ඔයාලගේ programming එක “hello.rb"කියලා save කරගන්න ඕනේ. Ruby වලදී
file extension එක .rb කියලා Use
කරන්න අමතක කරන්න එපා.
3) Ruby
Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.
All Apps > Ruby > Start Command Prompt with Ruby
4) ඔයාලගේ programming
එක Desktop එකේ new folder එකක save කලා කියලා හිතමු.
Ø
cd
desktop
Ø
cd
new folder
Ø
කියලා ruby save කරපු folder එකට path එක හදාගන්න.
5) Command
Prompt එකේ ruby hello.rb කියලා type කරගෙන එක Enter press කරන්න.
Share on Google+
Post Top Ad
Author Details
Charith Prabhagya