අපිට විශ්වාස කරන්නත් බැරි තරම් හරි අපූර්ව නිර්මාණයන්ගෙන් සොබාදහම සමන්විත වෙනවා. භූගෝලීය පිහිටීම, දේශගුනික සාධක වගේම ඍතුමය වෙනස්වීම් මේ අපූර්ව නිර්මාණයන්ට විවිධත්වයක් එක් කරල තියෙනවා.
1. රතු වෙරළතීරය.
මේ රතු වෙරළතීරය තියෙන්නෙ චීනයේ පැන්ජින් කියන නගරයේ ඉදන් කිලෝමීටර් 30ක් නිරිතදිගින්. මේ වෙරළතීරයට රතු වෙරළතීරය කියන්නෙ ඒකෙ පෙනුම නිසයි. ලවන සහිත ක්ෂාරීය පසේ වැඩෙන මුහුදු වල්පැලෑටි විශේෂයක් තමයි මේ පාටට හේතු වෙන්නේ. මාර්තු-අප්‍රේල් මාසවල වැවෙන්න පටන් ගන්න මේ වල්පැලෑටි විශේෂය ග්‍රීෂ්මය පුරාවට කොළ පාටින් දිස්වෙනවා. ඒත් සරත් කාලය පටන් ගැනීමත් සමගම දිදුලන රත් පැහැයට හැරෙනවා.

2.ආදර උමග
මේ අරුම පුදුම උමග පිහිටලා තියෙන්නෙ යුක්‍රේනයේ. ෆ්යිබර් බෝර්ඩ් කර්මාන්තශාලාවකට දිවෙන කිලෝමීටර් 3ක් දිගු මේ උමග හරහා දවසකට 3න් වතාවක් දැව රැගත් දුම්රියක් ගමන් කරනවා. කොල පැහැති කොරිඩෝවක් විදිහට දිස්වෙන මේ උමග ආදරවන්තයන් බොහෝමයකගෙ සිත්ගත් තැනක්. ඒ වගේම තමයි මේ උමග තුලදී ආදරවන්තයන් යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒක සත්‍ය වෙනවලූ.

3.විස්ටීරියා මල් උමග
නිල්,දම් පැහැ මල් පිපෙන වැල් විශේෂයකින් නිර්මානය වෙලා තියෙන මේ ලස්සන උමග පිහිටලා තියෙන්නෙ ජපානයේ කිටක්යුෂු කියන නගරයේ. අප්‍රේල් ඉදන් මැයි මාසේ මැද වෙනකම් කාලයේ තමයි මේ උමග විස්ටීරියා මලින් පිරිල ගොඩක්ම ලස්සනට තියෙන්නේ.

4.රෝස පැහැති විල
විලක් මොන පාටද ඇහුවොත් ඔයාලා මුලින්ම කියන්නෙ නිල් පාට කියලා. ඒත් රෝස පාට විල් තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි. මේ විල පිහිටල තියෙන්නෙ බටහිර ඕස්ට්‍රේලියාවේ. සාමාන්‍ය කරදියේ ලවනතාවය වගේ 10 ගුණයක ලවනතාවයක් තියෙන මේ විල Dunaliella salina කියන අන්වීක්ෂීය ලවනකාමී ඇල්ගී විශේෂයට හොද වාසස්ථානයක් සපයනවා. මේ ඇල්ගී විසින් නිපදවන වර්නක විශේෂයක් නිසා තමයි මේ විලට රෝස පාටක් ලැබිලා තියෙනවා කියල කියන්නේ.

5.දිලිසෙන වෙරළතීරය
මාලදිවයිනනේ වාදෝ වෙරළතීරය හරියට තරු කැඩපතක් වගේ තමයි පෙනෙන්නේ. ඒකට හේතුවෙලා තියෙන්නෙ කරදිය ශාකප්ලවාන්ග විශේෂයක්. මේ ශාකප්ලවාන්ගවලට ජෛව සන්දීප්තිය(Bioluminescence)කියන හැකියාව තියෙනවා. ඒ කියන්නෙ පොඩිහරි කැලඹීමක් උන ගමන් එයාල ශරීරයෙන් එළි නිකුත් කරනවා. මේ අය මේ විදියට නිකුත් කරන එළි නිසා වෙරල තීරයට තරු වැටිලා වගේ තමයි පේන්නේ.

wow...nice!!!
ReplyDeleteGreat!1
ReplyDelete