ඇඩිශම් වල රවුමක් යමු... - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Friday, July 14, 2017

ඇඩිශම් වල රවුමක් යමු...


හොදයි යාලුවනේ පාර දිගෙ යන්න ආව ඔයාලව අපි මුලින්ම එකතු කරන් යන්නේ ඇඩිශම් බන්ගලාවට (Adisham Bunglow) ඔව් නම නම් ටිකක් අමුතුයි වගෙ නේද...



මුලින්ම බලමු මේ අමුතු තැන පිහිටලා තියෙන්නේ කොහෙද කියලා...ඔයාලා මේ බන්ගලාවට එන්න නම් මීදුමෙන් වැසුනු සීතල හපුතලේ නගරයට එන්න වෙනවා.ඉට පස්සෙ වැලිමඩ පාරේ කීලොමීටර දහයක් විතර
එනකොට ඇඩිශම් හන්දියෙන් හරවල උඩට එන්න පුලුවන් .. ඉතින් යාලුවනේ මේ බන්ගලාවට යන පාරත්  වැටිලා තියෙන්නෙ තේ වතු ,දිය ඇලි මැදින් ..




        
   



ඉතින් ඔයාලට ගමන් මහන්සියක් කියලා දෙයක් නම් දැනෙන්නෙ නෑ යලුවනේ.. සීතල ගන මීදුමත්,තේ වතු වලින්  පිරුනු කුඩා කදු පන්තිත් මේ පරිසරයට එක් කරන ලස්සන වචන වලින් නම්  කියන්න අපහසුයි.
 ඔයාලට වහනයකින් ආවොත් නම් හපුතලේ නගරයේ ඉදලා මිනිත්තු 45න් පමන මේ බන්ගලාවේ පිවිසුම අසලටම එන්න පුලුවන් .මේ ගමනේ කොටසක් වැටි තියෙන්නෙ "තන්ගමලය" කියන
අභය හූමීය හරහා නිසා ඔයාලා හොද විමසිල්ලෙන් සිටියොත් ලස්සන කුරුල්ලො ටිකක්  එහෙමත් බලා ගන්න පුලුවන් වේවි....



ඉතින් යාලුවනේ ඔයාලා මේ බන්ගලාව බලන්න කලින් පොඩි මුදලකට ටිකත් පතක් නම්
ගන්න වෙනවා .ටිකත් පතත් අරගෙන පිවිසුමෙන් ඇතුල් වෙන ඔයාලට එ අභිමානයෙන් වැජ්බෙන මේ ඇඩිශම් බන්ගලාව ඔයාලට දැක ගන්න පුලුවන්.පාට පාට මල් වලින් හැඩ උන මීදුමෙන් වෙලුනු මේ බන්ගලාව දැක්කම ඔයාලට හිතෙවී මේ ඇත්තටම ලන්කාවමද කියලා..එක් පසකින් ෆයිනස් කදු ගැටයකිනුත් අනික් පසින් මුලු හපුතලේ නගරයම පෙනෙන සහ  පහලින් යන්තමට පෙනෙන බදුල්ල කොලම දුම්රිය පාරත් නිසා මේ බන්ගලාවේ විවිදත්වය තවත් වැඩි කරනවා.









මේ බන්ගලාවට අමතරව මෙහි තිබෙන ගොවි පලෙන් නිපදපන විවිද අහාර වර්ගත් ඔයාලට මෙහිදී ලබා ගන්න හැකියාවක් තිබෙනවා...ඉතින්යලුවනේ මේ බන්ගලාවේ වහලේ නිම කරලා තියේන්නේ සම්පුර්නම තේක්ක ලීයෙන් කියලා කිවෝත් ඔයාලා පුදුම වෙවී.එ වගේම කලු ගලින් නිම කරන ලද බිත්ති,සහ මෙහි ඇති වා කවුලු අදටත් ගෘහ නිර්මාන ශිල්පීයෝ පුදුම කරවනවා.


එහෙනම් යාලුවනේ අපි පොඩ්ඩක් මේ බන්ගලාවේ ඉතිහාසයත් කතා කරමුද.


මේ නිර්මානය කරන්න මුලික වෙලා තියෙන්නේ යටත් විජිත සමයේ කන්ද උඩරට වැවිලි කරුවෙකු වු ,ලන්කාවට මේ පරිසරයටත් බොහෝ සෙයින් ආදරේ කල Sir Thomas Villiers කියන සුදු ජාතිකයා.මෙතුමාගෙ සිතුවමක් ඔයාලට මේ බන්ගලාව ඇතුලදී දැක ගන්න පුලුවන්.ඔහු මේ නිර්මානයේ වැඩ ආරම්බ කරන්නේ 1927 වර්ශයේ එ වගේම ඔහු මේ බන්ගලාවේ වැඩ කටයුතු සම්පුර්නම අවසන් කරනව 1931 වර්ශයෙදි..
මේය වර්ග මීටර  40 000 පමන වපසරියකින්ද යුක්ත වනවා.ඔයාලට ඔනීම දිනක මේ බන්ගලාව දැක ගන්න පුලුවන් උනත්,බන්ගලාව ඇතුලට යන්න අවස්තාව හිමි වන්නේ සති අන්තයේදී විතරයි.





ඉතින් යාලුවනේ ඇඩිශම් කියන්නෙ අපේ මේ කලබල ජිවිත වලින් මිදිලා විවේකිව,සීතල සුලන් රොදක දැවටෙන්න කියාපු ස්ථානයක්.ඉතින් යාලුවනේ මේ සුන්දරත්වය විදින්න ,එ වගේම  මතක ඇතිව
පා සටහන් පමනක් මේ පරිසරයේ තියලා යමුයි කියමින් මේ වගෙම තවත් පාර දිගෙ ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ගිහින් එන්නම්.මතක ඇතිව ඔයාලාගේ අදහස් comment කර ගෙන යන්නත්
අමතක කරන්න එපා.



2 comments:

Share on Google+

Post Top Ad