June 2017 - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Saturday, June 24, 2017

Google Allo

June 24, 2017 3
Google Allo කියන්නෙ  ඔයාලා පාවිච්චි කරන Viber, Whatsapp, Messenger, Snapchat, Google Hangouts, Telegram වගේ Google සමාගම විසින් හඳුන්වා දුන්  smart messaging app එකක්.


මේ app එකෙන් ඔයාලට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයාලගේ අදහස් stickers, doodles,  emojis සහ text මගින් ඉතා පහසුවෙන් share කරන්න මේ app එකෙන් පුළුවන්. ඒ වගේම තමයි Google සමාගම Google Assistant පහසුකම මේ app එකත් එක්කම ලබා දෙන්න අමතක කරලා නෑ. 



Google Allo app එක භාවිතා කරන ඔයාට, ඔයාගෙම style එකට අනුව කිසිම type කිරීමකින් තොරව ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. මේක වෙන්නෙ මෙහෙමයි, ඔයාගෙ conversation එක යන අතරෙ Google Allo විසින් text වගේම emoji responses ඔයාට suggest කරනවා ඔයගෙ personality එක මත පදනම් වෙලා. ඔයාට කරන්න තියෙන්නෙ ඒ suggestions වලින් ගැලපෙන එක tap කරන්න විතරයි. 
Google Allo app එකට ඔයගෙ responses style හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ app එක භාවිතා කරන්න කරන්න Google Alloට දෙන්න පුළුවන්  suggestionsවල ගුණාත්මකභාවය එන්න එන්නම වැඩි වෙනවා.



ඒ වගේම තමයි, වචන වල size එක කැමති විදියකට වෙනස් කරලා  ඔයාගෙ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කරන්නත් Google Allo ඉඩ හසර ලබා දීලා තියෙනවා.




 photos වලට  doodle, text, smiley face එකතු කරලා ගොඩක් creative විදියට  send කරන්නත් Google Allo පහසුකම් ලබා දීලා තියෙනවා.



ඔයාගෙ conversation එක රසවත් කරන්න සිත් ඇදගන්නාසුළු stickers බොහොමයක් Google Allo සතුයි. ඉතින් වචන වලින් කියා ගන්න බැරි දෙවල් ප්‍රකාශ කරන්න ඔයාට මේ stickers යොදා ගන්න පුළුවන්.



conversation එක අතරතුර එයින් ඉවත් වෙන්නේ නැතුවම Google Assistant මගින් උපකාර ලබා ගන්නත් ඔයාලට පුළුවන්. අවශ්‍ය ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගන්න, share කරන්න ඕන  video එකක් හොයා ගන්න, directions ලබා ගන්න වගේ ඕනම දේකදී Google Assistant ඔයාට  සහය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. කරන්න තියෙන්නෙ conversation එක අතරතුර @google කියල type කරන්න විතරයි.

ඒ වගේම secure conversation සඳහා Incognito mode එකක ලබා දෙන්නත් Google Allo අමතක කරලා නෑ.



ඉතින් Google සමාගම හඳුන්වා දුන්  මේ සුපිරිම Google Allo smart messaging app එකේ experiance ඔයාලත් අත්විඳලා බලන්නකෝ....

වැඩි විස්තර සඳහා…                         www.allo.google.com


මේ තියෙන්නෙ download කරගන්න පුළුවන් link.....

Read More

Share on Google+

Post Top Ad