සාමාන්‍යයෙන් පියාඹනවා කියන එක ගැන හිතනකොට අපිට මතක් වෙන්නෙ පියාපත්.මොකද අපි පුංචිකාලෙ ඉදන්ම ඉගෙන ගත්තෙ පියාපත් තමයි පියාඹන්න උදව් වෙන්නෙ කියලා.
ඒත් මේ ලිපිය කියවන් යද්දි ඔයාලට තෙරුම් යාවි පියාපත් නැතත් පියාඹන්න පුළුවන් පුදුම සහගත සත්තුත් ඉන්නවා කියලා.
මේ සතුන්ට පියාපත් නැතත්, පරිණාමය සහ අනුවර්තනය කියන කාරණා නිසා පියෑඹීමේ හැකියාව ලැබිලා තියෙනවා.ඇත්තටම පියාඹනවා කිව්වට ගුවනේ පාවෙනව කිව්වොත් තමයි හරි.මේ චලන හැකියාව මෙම සතුන්ට ආහාර සොය ගැනීමට වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් උදව් වෙනවා.
1. පියාඹන කටුස්සන් (Draco blanfordii)
මේ කටුසු වර්ගය “පියාඹන මකරන්”කියලත් හඳුන්වනවා.ඒත් ඇත්තටම නම් මේ අය පාවෙන කටුසු විශේෂයක්. විද්‍යාත්මකව Draco blanfordii කියල කියන්නේ මේ කටුසු විශේෂයට තමයි.මේ කටුස්සන්ගෙ ශරීරයේ දෙපැත්තට තියෙන පළල් පටක කොටසක් (Patagium) තමයි මෙයාලට පියාඹන්න උදව් වෙන්නෙ.වියට්නාමය ,තායිලන්තය හරහා නිරිත දිග චීනයේ ඉදන් මැලේසියා අර්ධද්වීපය දක්වා තියෙන පහත් බිම් වැසි වනාන්තරවල තමයි මේ කටුසු විශේෂය හමුවන්නේ.

2. පියාඹන ගෙම්බන් (Rhacophorus)
ගෙඹි විශේෂ අතුරෙන් ශාක මත වැඩි කාලයක් ගත කරන,ප්රමාණයෙන් විශාල හා පාද හතරෙහිම කලු පැහැ පටි රටා ඇති විශේෂයක්. මොවුනට පියාපත් නැතත්, පියෑඹීමේ හැකියාව තියෙනවා. ඉන්දියාව, ජපානය වගේම අග්නිදිග ආසියාතික රටවල්වල මේ ගෙඹි විශේෂය හමුවෙනවා.

3. පියාඹන මත්ස්‍යයින්
උණුසුම් සාගර ජලයෙන් පිටතට පනින මෙම මත්ස්‍යයින් තම අනාකූලිත ටෝපිඩෝ හැඩය හා විශාල ළය වරල් උපයෝගී කර ගනිමින් පියඹා යනවා. මේ වගේ පියාඹන මත්ස්‍ය විශේෂ 40ක් විතර ඉන්නවා. මේ පියෑඹීමේ ක්‍රියාවලිය පටන් ගන්නේ වතුර යටදී පිහිනීම මගින් ලබා ගන්න පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. ගොඩක් මුහුදු සත්ව විශේෂ වගේම මේ පියාඹන මත්ස්‍යයොත් ආලෝකය දිහාවට ආකර්ෂණය වෙනවා. මේ නිසා මසුන් මරන්නන්ගේ දැලට පහසුවෙන් අසුවෙනවා.

4. පියාඹන සර්පයින් (Crysopelea)
මේ සතුන් තමන්ගේ දේහයේ පළල සාමාන්‍ය පළල මෙන් දෙගුන කර ගැනීමෙන් තමයි පියෑඹීමේ හැකියාව ලබා ගන්නේ. අනෙකුත් පියාඹන සත්වයන්ට සාපේක්ෂව මෙම සර්පයන් ගොඩක් දුරකට පියාඹනවා. ඒ වගේම තමයි මේ විශේෂයේ ප්‍රමාණයෙන් කුඩා සර්පයන් ප්‍රමාණයෙන් විශාල සර්පයන්ට වඩා වේගයෙන් පියාඹන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා.

5. පියාඹන ලේනුන් (Sciuridae)
මෙම ලේනුන් විශේෂය සාමාන්‍ය ලේනුන්ට වඩා ප්‍රමානයෙන් විශාලයි. මොවුන්ගේ ඉදිරිපස සහ පිටුපස පාද අතර ඇදී පවතින ලෝම සහිත පටලය පියාඹා යෑමට උපකාරී වෙනවා. ලොව වටා තියෙන වනාන්තරවලින් මෙම ලේන් විශේෂ 50ක් විතර සොයගෙන තියෙනවා. දැනට මේ ලේනුන් පියාඹල තියන වැඩිම දුර විදියට වාර්තා වෙන්නෙ මීටර් 90ක් කියලයි…

එකත් බලන්න....
No comments:
Post a Comment