මොකද්ද මේ Google Firebase - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Friday, July 21, 2017

මොකද්ද මේ Google Firebase

         


Database කිව්වහම ඉතින් අපි හැමෝම දන්නවනේ කොච්චර වැදගත් ද කියලා. මොකද අපි හදන ගොඩක් applications වල data store කරල තියාගන්න අපි Databases පාවිච්චි කරනවා.

        ඉතින් එහෙනම් බලමු මේ Firebase කියන්නේ මොකද්ද කියල. Firebase කියන්නේ Google සමාගම විසින් පවත්වාගෙන යන Online Realtime Databases ලබාදෙන platform එකක්. අද මම මේ විදිහට Firebase වල Databases ගැන කතා කරා උනාට, Firebase කියන්නේ Databases පමණක් ලබාදෙන තැනක් නම් නෙවෙයි. Firebase වල ලබාදෙන සේවාවන් විශාල ප්‍රමාණයක් අතුරින් එකක් පමණයි මේ Online Realtime Databases කියන්නේ.


මොකද්ද මේ Online Realtime Database එකක් කියන්නේ ?
    සරලවම කිව්වොතින් cloude එකේ තියන Realtime database එකක්. මේකේ තියන විශේෂත්වය තමයි Realtime Update වෙන එක. උදාහරණයක් විදිහට හිතන්න ඔන්න මං හදල තියනව app එකක් (Android App). ඉතින් මේ app එකේ තියනවා list item ටිකක් සැරින් සැරේට වෙනස් වෙන. ඉතින් මම මේ ලිස්ට් එකට අදාළ data ටික ගන්නේ firebase database එකකින්. ඉතින්  එහෙමනම් මේ app එක දාගෙන ඉන්න ඕනම කෙනෙක්ට database එකේ සිදුවන වෙනස් කමක් refresh කිරීමකින් තොරව බලාගන්න පුළුවන්. හරියට නිකන් අපි messenger වලින් chat කරනව වගේ (අපි කවදාවත් අලුතින් එන message එකක් බලන්න app එක refresh කරන්නේ නෑනේ).


හොඳයි එහෙනම් දැන් බලමු මේ Firebase වලින් Database එකක් හදාගන්නෙ කොහොමද සහ ඒක යොදාගෙන වැඩ කරන්නේ කියන එක.
       මේ සියලුම පහසුකම් නොමිලේම ලබාගන්න තියෙන්න ඕනේ Google account එකක් විතරයි. 
https://firebase.google.com මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඉතාමත් පහසුවෙන් google account එක හරහා Firebase Account එකක් හදාගන්න පුළුවන්. 
ඊට පස්සේ ඉහල දකුණු පැත්තට වෙන්න තියන GO TO CONSOLE කියන එකට ගිහින් ඉතුරු වැඩ ටික කර ගන්න පුළුවන්.

       ඊට පස්සේ මෙන්න මේ විදිහට තියන Add Project කියන එකට ගිහින් පහසුවෙන්ම අලුතින් Project එකක් හදාගන්න පුළුවන් 



       ඊට පස්සේ දකින්න ලැබෙන මෙන්න මේ window එකෙන් project එකට නමක් සහ Country එක ලබා දිල පහසුවෙන් Project එක Create කරගන්න පුළුවන් 



       මින් අනතුරුව අපිට පුළුවන් අපි මේ project එක හදන්නේ මොන විදිහේ App එකක් එක්ක Connect වෙන්නද කියන එක ලබාදෙන්න. 


       මෙතැනදී Android වලට අදාලව  සම්පුර්ණයෙන්ම App එක Connect කර ගන්න විදිහ ඉදිරි කොටසකින් කතා කරන්නම්. 
දැනට Database එක හදාගන්න විදිහ ගැන අවදානය යොමු කරමු. 

       දැන් මෙතන වම්පස DEVELOP කියන sub menu එක යටතේ මේ හදාගන්න project එකෙන් කරන්න පුළුවන් දේවල් දැක්වෙනවා. ඉතින් අපි එහෙමනම් මෙතනින් Database කියන කොටස ගැන අවධානය යොමු කරමු.  

දැන් මෙතැනදී දකින්න ලැබෙන්නේ Database එකේ ආකෘතියයි. 



       ඉතින් මෙතැනදී පහසුවෙන් අපිට අවශ්‍ය ආකාරයට අපේ Database එක හදා ගන්න පුළුවන්. හැබැයි මේක අපිට හුරු පුරුදු mySQL වල වගේ Table වලින් සමන්විත Database එකක් නම් නෙවෙයි. මේ Database එකේ Data තියෙන්නේ Hierarchical Model එකක් විදිහට.

මෙන්න මේ උදාහරණය බලන්න. 

       මම මෙතැනදී ඉදිරිපත් කරලා තියෙන්නේ Students Details ටිකක් ඇතුලත් කරලා හදාගත්තු සරල Database එකක්.
         ඉතින් මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ Firebase Database එකක් හැදිලා තියෙන්නේ කියන එක ගැන.
       ඉදිරියේදී අපි කතා කරමු Android App එකකට අදාලව කොහොමද මේ Firabase Database එකක් use කරන්නේ කියන එක ගැන ...

2 comments:

Share on Google+

Post Top Ad