Google Daydream View එක්ක VR අත්දැකීමක් ගමුද..? - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Sunday, July 23, 2017

Google Daydream View එක්ක VR අත්දැකීමක් ගමුද..?

අද මං ඔයාලට විස්තර කරන්න යන්නේ ටිකක් අමුතු විදියේ gadget එකක්. Google Daydream View.



 දැනට virtual reality අත්දැකීම ගන්න පුළුවන් Google සමාගම release කරලා තියෙන හොඳම VR Headset එක තමයි Google Daydream View කියන්නෙ.
ඉතින් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ VR එහෙම නැත්නම් virtual reality කියන්නෙ කියලා. VR කියන්නෙ ගොඩක් ලස්සන concept එකක්, ඒ වගේම technology එකක්.
මේ වෙනකොට අපි ගොඩක් පාවිච්චි කරන්නෙ mobile platform එක. මේක මිනිස්සුත් එක්ක හොඳට interact වෙන්න පුළුවන් smart device එකක්. ඒ නිසාම මේ mobile platform එක අපිට බොහොම සමීප වුනා. ලෝකෙ ඉස්සරහට යනකොට මේ ඊළඟ platform එක තමයි virtual reality කියන්නෙ. ඉතින් ඉස්සරහට අපිට වැඩ කරන්න වෙන්නෙ මේ අලුත් virtual reality එකත් එක්ක තමයි.

ඉතින් සරලවම මේ virtual reality concept එක මම මෙහෙම පැහැදිලි කරන්නම්,
ඔයාලා හිතන්නකො, මම මේ ඉන්න තැනම ඉඳිද්දි මට feel වෙන්න ඕන මම දැන් ඉන්නෙ ලස්සන මල් වත්තක කියලා. එතකොට මම කරන්නෙ මං ඉන්න තැන වටේට display 4ක් හයිකරනවා. ඊට පස්සෙ අර මල් වත්තෙ මට පේන view එක අර display හතරේ දානවා. එතකොට මම ඇස් පියාගෙන ඉඳලා එක පාර ඇස් ඇරියම මට feel වෙනවා, මම දැන් ඉන්නෙ අර ලස්සන මල් වත්තෙ කියලා. මොකද, මම වටපිට බලනකොට මට පේන්නෙ අර මල් වත්තෙ view එක නිසා.  මේකෙ හැමතැනම තියෙන්නෙ computer එකෙන්  generate කරපු වෙනම virtual environment එකක් තමයි. මේක බලනකොට අපේ මොලේ තියන experiance අනුව මොලේ හිතන්නෙ මම දැන් ඉන්නෙ මෙන්න මේ තැන කියල.  ඉතින් මේක තමයි මේ virtual reality concept එක ඇතුලෙ තියෙන්නෙ.



ඉතින් මෙන්න මේ experiance එක තමයි VR Headset එක පාවිච්චි කරලා mobile phone එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. VR Headset එකට mobile phone එක දාල පැළඳ ගත්තට පස්සෙ, mobile phone එකේ තියන sensors වලින් අපේ ඔලුවෙ movement ඔක්කොම track කරලා බලනවා අපි බලන්නෙ මොන පැත්තද , කොච්චර කෝණයකින්, කොච්චර ඉහලටද වගේ දේවල්. එහෙම track කරලා අපිට අවශ්‍ය වෙලාවට අදාල frame එක විතරක් අපේ ඇහට පෙන්නනවා. ඒ කියන්නෙ, අපි ඉස්සරහ බලන් ඉඳලා දකුණු පැත්ත බැලුවොත් එතනට තියෙන්න ඕන පින්තූරය මේ display එකේ replace වෙනවා. ඉතින් මේ විදියට තමයි මේ virtual reality වලින් අපේ මොලේට අපි  දැන් ඉන්නෙ මෙන්න මේ තැන කියල අඟවන්නේ. ඉතින් ඇත්තටම මේ කරන්නෙ මොලේ රැවටීමක්. මේ VR Headset එකත් එක්ක මෙන්න මේ රැවටීම කොච්චර සාර්ථකයිද කියනවනම් මිනිස්සු ඇත්තටම බය වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා.

virtual reality වල වැඩ කරනකොට frame 2ක් ඔයාලට බලාගන්න පුලුවන්. ඉතින් මෙන්න මේ හින්දා තමයි ඔයාලට virtual reality එකේදි  ත්‍රිමාණව දේවල් දකින්න පුළුවන් වෙලා තියෙන්නෙ.



ඒ වගේම  මේ VR Headset එකේ විශේෂ lense 2ක් තියෙනවා.ඔයාගෙ phone එකේ තියන පුංචි display එකෙන් ඇත්ත ලෝකෙ වගේ ගොඩක් ලොකු වටපිටාවක් බලන්න තමයි මෙන්න මේ lense 2 තියෙන්නෙ.



ඉතින් අලුත් ලෝකය දකින්න,  Games play කරන්න, Adventure Stories බලන්න මේ  virtual reality අත්දැකීම හොඳටම ගන්න පුළුවන් VR Headset එක තමයි Google Daydream View.
Google Daydream View නිර්මාණය කරලා තියෙන්නෙ බොහොම සැහැල්ලු, හුස්ම ගන්න පහසු fabric එකකින්. ඒ වගේම සිත් ඇදගන්නා සුළු controller එකකුත් Google Daydream View සතුයි. මේ නිසා ඔයාලට ගොඩක් පහසුවෙන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්.
මේ VR Headset එක සිත් ඇදගන්නා සුළු වර්ණ 3කින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ තමයි Snow, Crimson, සහ Slate.



ඉතින් Google Daydream View මගින් සුපිරිම vr අත්දැකීමක් ලබා ගන්න කියලා ඔයාලා හැමදෙනාටම ආරාධනා කරනවා.



තවත් ලිපියකින් මේ වගේ අලුත් technology එකක් ගැන විස්තර අරන් එන්නම්කෝ.......




No comments:

Post a Comment

Share on Google+

Post Top Ad