kali linux - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Thursday, July 6, 2017

kali linux

ලිනක්ස් පවුලේ තවත් හොද සාමාජිකයෙක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි කාලී ලිනක්ස් කියන්නේ .ෆෙඩොරා කියන operating system එකෙන් බිහිවුන operating system එකක් තමයී කාලි ලිනක්ස්  කියන්නේ

මේ කාලී ලිනක්ස්  වල තියෙන විශේෂත්වය
මොකක්ද ....

මේ කාලි ලිනක්ස්  තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට හැක් කරන වැඩේ කරන්න ලේසිම operating system එක
මෙ operating system  එකේ තියෙනව applications ගොඩක්  එ වගේම මේ කියන application  අපිට ලෙසි වෙන්න වර්ග කරලත් තියෙනවා
  • Information Gathering
  • Vulnerability Analysis 
  • Wireless Attacks
  • Web Applications
  • Exploitation Tools
  • Forensics Tools
  • Stress Testing
  • Sniffing & Spoofing
  • Password Attacks
  • Maintaining Access
  • Reverse Engineering
  • Reporting Tools
  • Hardware Hacking

මේ විදියට තියෙන එක වර්ගයක් ඇතුලේ applications ගොඩක් තියෙනවා .එත් මේ හැම application  එකක් ගැනම කියන්න බැනේ මේ පොස්ට් එකෙන් . ඉතින් ඔයලට වැඩිපුර තොරතුරු ඔනි නම් ඔයාලා මෙතනින් ගිහින් ඒ application ගැන තොරතුරු බලා ගන්න 

ඉතින් මේ අපි කතා කරන operating system එකේ ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා ලොකුම ප්‍රශ්නයක් තමයි මේක user friendly   නොවිම ඒ කියන්නේ මේ operating system එක  ඉගෙන ගන්න වගේම මේකේ වැඩ කරන්නත් ටිකක් අමාරුයි .

තව ප්‍රශ්නයක් තමයි මේ operating system  එකට software ගන්න store එකක් හරි website එකක් හරි   නැ .එක නිසාම ගොඩක් වෙලාවට අපිට මොකක් හරි සොෆ්ට්වෙය පැකේජයක් install  කරන්න ඕනි උනොත් terminal එකේ පොඩි පොඩි code ගහලා තමයි install කරන්න වෙන්නේ 

තව ඉතින් මේ operating system  එකේ සින්දු අහන්න ,ෆිල්ම් බලන්න ,ගේම් ගහන්න වගේ වින්ඩොස් එකේ කරන වැඩ කරන්න පුලුවන් .එත් අපිට ඔනි විදියට වෙනස්කම් ගොඩක් කරන්න අමාරුයි 

එත් , මේ ප්‍රශ්න තියෙනවා වගේම තමයි මේ operating system  එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දෙ තමයි මේකේ තියෙන ආරක්ෂාව සුපිරිම මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt  කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා

එ වගේම තමයි අනිත් ලිනක්ස් operating system  වගේ ම මේ operating system  එකත් ගොඩක් වේගවත් .stuck  වෙන්නෙත් නැ . කලින්  ලිනක්ස් ගැන කතා  කරපු  ලිපියේ තිබුන වාසි ඔක්කොම තියෙනවා  මේ  operating system  එකේ .ලින්ක්ස් ගැන දැන ගන්න ඔනි නම් මෙතනින් ගිහින් ලිනක්ස් ගැන ලියපු ලිපිය කියවන්න

අද වෙනකොට ගොඩක් අය කතා කරන දෙයක් තමයි හැකින් කියන එක .දන්න සින්හලෙන් කියනවා නම් අයිතියක් නැති දෙයක් අපි පාවිච්චි කරන එක තමයි හැකින් කියන්නේ ඉතින් මේ විදිහට හැකින් කරන්නත් උදව් කරන tool ,terminal ගොඩක් මේ කාලී ලිනක්ස් වල තියෙනවා . ඔයාලටත් සමහර විට මේ කාලි ලිනක්ස් ගැන ඉගෙන ගන්න ආස ඇති

එහෙනම්  ඉතින් ඔයාලට මෙතනින් ගිහින් කාලී ලිනක්ස් ගැන තියෙන විඩියෝ ගොඩක් බලාගන්න පුලුවන්

ඒ වගේම ඔයලට මෙතනින් ගිහින් මේ operating system  එක iso file එකක් විදිහට download  කරගන්න  පුලුවන් .

එහෙනම් මම හිතනවා ඔයලා මේ ලිපියෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා .

ඉතින් අපහු ලිපියකින් හම්බ වෙමු .............!!!

No comments:

Post a Comment

Share on Google+

Post Top Ad